Posts

කාන්තා ලිංගික සනීපාරක්ෂාව

Image
කාන්තා ලිංගික සනීපාරක්ෂාව අප හැම දෙනෙක් ම කුඩා කල  මූලික සනීපාරක්ෂාව පිළිබඳ පාසැලේදී මෙන්ම නිවසේදීත් නිතර ඉගෙන ගතිමු.      ●වැසිකිලිය භාවිතා කිරීමෙන් පසු අත් සෝදන්න     ●කෑමට පෙර අත් සෝදන්න     ●සෑම උදෑසනකම මුහුණ සෝදන්න     ●දිනකට දෙවරක් දත් මදින්න     ●නියපොතු නිසි පරිදි කපා පිරිසිදුව තබා ගන්න.     ●දිනපතා හෝ අවැසි පරිදි නැවුම් යට ඇඳුම් ඇඳින්න. යනාදිය අප දිවියේ දිනපතා සරළ සිදුවීම් බවට පත්ව ඇත. මෙම සාමාන්‍ය පවිත්‍රතා පිළිවෙත්වලට අමතරව, ගැහැණු ළමුන්,  විශේෂයෙන් වැඩිවිය පැමිණි මොහොතේ පටන්, කාන්තා සනීපාරක්ෂාව පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.  අවාසනාවකට මෙන්, ගැහැණු ළමයකුට තම යෝනි මාර්ගය සහ ඒ අවට පිරිසුදු ව තබා ගැනීම ගැන සැලකීමේදී, ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න වන්නේ කුමක්ද,  නොවන්නේ කුමක්ද යන්න පිළිබඳව ඇති නොදැනුවත්කම නිසා ම ගැටළු කාරි තත්වයනට මුහුණ දීමට සිදු වේ. එබැවින්, අපි ඔබට නැවුම්ව, පිරිසිදුව සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට උපකාර කිරීම සඳහා යෝනි මාර්ගය සහ ඒ අවට සනීපාරක්ෂාව සඳහා කළ යුතු සහ නොකළ යුතු වැදගත...

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) සඳහා ප්‍රතිකාර

Image
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) සඳහා ප්‍රතිකාර තිබේද?, මෙම රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර කල හැකි ද? යන බහුලව නැගෙන පැණ ලෙස දැක්විය හැක. ප්‍රතිජීවක මගින් බැක්ටීරියා හෝ පරපෝෂිතයන් නිසා ඇති වන ලිංගාශ්‍රිත රෝගවලට ප්‍රතිකාර කළ හැක. වෛරස් නිසා ඇති වන ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාරයක් නොමැත, නමුත් ඖෂධ බාවිතය මගින් බොහෝ විට රෝග ලක්ෂණ මතුවීම, රෝගය බරපතල තත්වයකට පරිවර්තනය වීම සහ ආසාදනය පැතිරීමේ අවදානම අඩු කරයි. ආරක්ෂිත කොන්ඩම් නිවැරදිව භාවිතා කිරීම ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ හෝ පැතිරීමේ අවදානම බෙහෙවින් අඩු කරයි, නමුත් සම්පූර්ණයෙන්ම ඉවත් නොකරයි. ආසාදන වැලැක්වීම සඳහා වඩාත්ම විශ්වාසදායි මාර්ගය වන්නේ ගුද, යෝනි හෝ මුඛ සංසර්ගය නොකිරීමයි. HPV සහ හෙපටයිටිස් B වැළැක්වීම සඳහා එන්නත් ලබා ගත හැක. Photos credits: Photo by RDNE Stock project: https://www.pexels.com/photo/nurse-pushing-a-patient-on-a-wheelchair-6129107/

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) බෝවීමට හේතු

Image
ලිං ගාශ්‍රිත රෝග බෝවීමට බලපාන ප්‍රධාන සාධක තුනක් ඇත.  බැක්ටීරියා  වෛරස්  පරපෝෂිතයන්  ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) වලට ගොදුරු වන්නේ කවුරුන්ද යන වග අප විමසා බලමු. බොහෝ ලිංගාශ්‍රිත රෝග පිරිමින්ට සහ කාන්තාවන්ට බලපාන නමුත් ප්‍රධාන වශයෙන් ඒවායින් ඇති කරන සෞඛ්‍ය ගැටලු කාන්තාවන්ට වඩාත් දරුණු විය හැකිය. ලිංගාශ්‍රිත රෝග ළදරුවෙකුට සම්ප්‍රේෂණය වුවහොත් එය බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකිය. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) වල රෝග ලක්ෂණ   මොනවාද? යන්න අප දැනුවත් විය යුතුම කරුණකි.  ලිංගාශ්‍රිත රෝග සෑම විටම රෝග ලක්ෂණ ඇති නොකරයි නො එසේනම් මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්වයි. එබැවින් ආසාදනයක් දැනටමත් පවතින නමුත් අප එය පිළිබදව නොදැනුවත්ව සිටිනවා විය හැකිය. රෝග ලක්ෂණ නොපෙන්වුවත්, ලිංගාශ්‍රිත රෝග මගින් බරපතල, හානි ශරීරයට ඇති කරයි. තවද, මෙම රෝග තත්වයන් ලිංගික එක් වීමක් අතරතුර දී ඔබට සම්ප්‍රේෂණය විය හැකිය. කෙසේ නමුත්, තරමක් කල් ගත වී හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) වල රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමට පටන් ගනී. ඒවා මොනවාදැයි අප දැනුවත් වෙමු. 1. ශිෂ්...