Posts

Showing posts from May, 2023

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) සඳහා ප්‍රතිකාර

Image
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) සඳහා ප්‍රතිකාර තිබේද?, මෙම රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර කල හැකි ද? යන බහුලව නැගෙන පැණ ලෙස දැක්විය හැක. ප්‍රතිජීවක මගින් බැක්ටීරියා හෝ පරපෝෂිතයන් නිසා ඇති වන ලිංගාශ්‍රිත රෝගවලට ප්‍රතිකාර කළ හැක. වෛරස් නිසා ඇති වන ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාරයක් නොමැත, නමුත් ඖෂධ බාවිතය මගින් බොහෝ විට රෝග ලක්ෂණ මතුවීම, රෝගය බරපතල තත්වයකට පරිවර්තනය වීම සහ ආසාදනය පැතිරීමේ අවදානම අඩු කරයි. ආරක්ෂිත කොන්ඩම් නිවැරදිව භාවිතා කිරීම ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ හෝ පැතිරීමේ අවදානම බෙහෙවින් අඩු කරයි, නමුත් සම්පූර්ණයෙන්ම ඉවත් නොකරයි. ආසාදන වැලැක්වීම සඳහා වඩාත්ම විශ්වාසදායි මාර්ගය වන්නේ ගුද, යෝනි හෝ මුඛ සංසර්ගය නොකිරීමයි. HPV සහ හෙපටයිටිස් B වැළැක්වීම සඳහා එන්නත් ලබා ගත හැක. Photos credits: Photo by RDNE Stock project: https://www.pexels.com/photo/nurse-pushing-a-patient-on-a-wheelchair-6129107/

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) බෝවීමට හේතු

Image
ලිං ගාශ්‍රිත රෝග බෝවීමට බලපාන ප්‍රධාන සාධක තුනක් ඇත.  බැක්ටීරියා  වෛරස්  පරපෝෂිතයන්  ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) වලට ගොදුරු වන්නේ කවුරුන්ද යන වග අප විමසා බලමු. බොහෝ ලිංගාශ්‍රිත රෝග පිරිමින්ට සහ කාන්තාවන්ට බලපාන නමුත් ප්‍රධාන වශයෙන් ඒවායින් ඇති කරන සෞඛ්‍ය ගැටලු කාන්තාවන්ට වඩාත් දරුණු විය හැකිය. ලිංගාශ්‍රිත රෝග ළදරුවෙකුට සම්ප්‍රේෂණය වුවහොත් එය බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකිය. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) වල රෝග ලක්ෂණ   මොනවාද? යන්න අප දැනුවත් විය යුතුම කරුණකි.  ලිංගාශ්‍රිත රෝග සෑම විටම රෝග ලක්ෂණ ඇති නොකරයි නො එසේනම් මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්වයි. එබැවින් ආසාදනයක් දැනටමත් පවතින නමුත් අප එය පිළිබදව නොදැනුවත්ව සිටිනවා විය හැකිය. රෝග ලක්ෂණ නොපෙන්වුවත්, ලිංගාශ්‍රිත රෝග මගින් බරපතල, හානි ශරීරයට ඇති කරයි. තවද, මෙම රෝග තත්වයන් ලිංගික එක් වීමක් අතරතුර දී ඔබට සම්ප්‍රේෂණය විය හැකිය. කෙසේ නමුත්, තරමක් කල් ගත වී හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) වල රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමට පටන් ගනී. ඒවා මොනවාදැයි අප දැනුවත් වෙමු. 1. ශිෂ්ණයෙන් හෝ යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග)

Image
  සංස්කෘතිය සහ සදාචාරය රැකීම අරඹයා නොසලකා හල ලිංගික අධ්‍යාපනය සොයා යන පිරිස් නිසාම අප ජාතියක ලෙස ලොව ඉදිරියේ ලැජ්ජාවට පත් වුනේ වාර්තා පිට වාර්තා බිඳ දමමින්ය. ගූගල් සෙවුම් හරහා වසරකදි වැඩිම වරක් 'sex' යන වදන සෙවූ ලොව අංක එකේ රට ලෙස අප රට වාර්තා ගතවී හමාරය.  මෙම හිඩැස නිසාම දිනපතා අසන්නට ලැබෙන පුවත් අපමනය. කුණු කරෝල ගඳින් යුක්ත මෙබදු පුවත් රසඳුනක්සේ ප්‍රති නිර්මාණය කර අපට රාත්‍රී ආහාරයට පිළිගන්වන, සදාචාරය එලොව යැවු මෙරට  මාධ්‍ය ආයතන තර වන්නේ එම දුර්ගන්ධයෙන් බව මතක් කරමි. ඒ කරුණු පසෙක තබා අප මුල පිරු වැදගත් කරුණ ගැන බලමු.  අදින් අරඹා පෙළ ගස්වන ඔබට අවැසි ම දැනුම් කෙත මෙලෙස අස්වද්දමු. ලිංගාශි‍්‍රත රෝග ලිංගාශි‍්‍රත රෝග යනු එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ලිංගික සම්බන්ධතා හරහා බෝවන රෝග වේ.  එවන් ලිංගාශි‍්‍රත රෝග කිහිපයක් නම්; ක්ලැමීඩියා ගොනෝරියා ලිංගික හර්පීස් මානව පැපිලෝමා වයිරසය (HPV) සිෆිලිස්  එච්.අයි.වී.  මෙම ලිංගාශ්‍රිත රෝග බොහොමයක් දිගු කලක් රෝග ලක්ෂණ නොපෙන්වයි. රෝග ලක්ෂණ නොමැතිව වුවද, ඒවා හානිකර මෙන්ම මාරන්තික විය හැකි අතර, ලිංගිකව  එක් වීමකදී, බොහෝ දුරට අනාරක්ෂිත ලිංගික ඇස