ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග)

 


සංස්කෘතිය සහ සදාචාරය රැකීම අරඹයා නොසලකා හල ලිංගික අධ්‍යාපනය සොයා යන පිරිස් නිසාම අප ජාතියක ලෙස ලොව ඉදිරියේ ලැජ්ජාවට පත් වුනේ වාර්තා පිට වාර්තා බිඳ දමමින්ය. ගූගල් සෙවුම් හරහා වසරකදි වැඩිම වරක් 'sex' යන වදන සෙවූ ලොව අංක එකේ රට ලෙස අප රට වාර්තා ගතවී හමාරය. 


මෙම හිඩැස නිසාම දිනපතා අසන්නට ලැබෙන පුවත් අපමනය. කුණු කරෝල ගඳින් යුක්ත මෙබදු පුවත් රසඳුනක්සේ ප්‍රති නිර්මාණය කර අපට රාත්‍රී ආහාරයට පිළිගන්වන, සදාචාරය එලොව යැවු මෙරට  මාධ්‍ය ආයතන තර වන්නේ එම දුර්ගන්ධයෙන් බව මතක් කරමි. ඒ කරුණු පසෙක තබා අප මුල පිරු වැදගත් කරුණ ගැන බලමු. 


අදින් අරඹා පෙළ ගස්වන ඔබට අවැසි ම දැනුම් කෙත මෙලෙස අස්වද්දමු.


ලිංගාශි‍්‍රත රෝග

ලිංගාශි‍්‍රත රෝග යනු එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ලිංගික සම්බන්ධතා හරහා බෝවන රෝග වේ. 

එවන් ලිංගාශි‍්‍රත රෝග කිහිපයක් නම්;


ක්ලැමීඩියා

ගොනෝරියා

ලිංගික හර්පීස්

මානව පැපිලෝමා වයිරසය (HPV)

සිෆිලිස් 

එච්.අයි.වී. 


මෙම ලිංගාශ්‍රිත රෝග බොහොමයක් දිගු කලක් රෝග ලක්ෂණ නොපෙන්වයි. රෝග ලක්ෂණ නොමැතිව වුවද, ඒවා හානිකර මෙන්ම මාරන්තික විය හැකි අතර, ලිංගිකව 

එක් වීමකදී, බොහෝ දුරට අනාරක්ෂිත ලිංගික ඇසුරක් මගින් සම්ප්‍රේෂණය වේ.


Photo by Pavel Danilyuk

Comments

Popular posts from this blog

What is lingam Massage & how to lingam Massage

කාන්තා ලිංගික සනීපාරක්ෂාව