ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) බෝවීමට හේතු



ලිංගාශ්‍රිත රෝග බෝවීමට බලපාන ප්‍රධාන සාධක තුනක් ඇත. 


බැක්ටීරියා 

වෛරස් 

පරපෝෂිතයන් 


ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) වලට ගොදුරු වන්නේ කවුරුන්ද යන වග අප විමසා බලමු.


බොහෝ ලිංගාශ්‍රිත රෝග පිරිමින්ට සහ කාන්තාවන්ට බලපාන නමුත් ප්‍රධාන වශයෙන් ඒවායින් ඇති කරන සෞඛ්‍ය ගැටලු කාන්තාවන්ට වඩාත් දරුණු විය හැකිය. ලිංගාශ්‍රිත රෝග ළදරුවෙකුට සම්ප්‍රේෂණය වුවහොත් එය බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකිය.


ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) වල රෝග ලක්ෂණ   මොනවාද? යන්න අප දැනුවත් විය යුතුම කරුණකි. 


ලිංගාශ්‍රිත රෝග සෑම විටම රෝග ලක්ෂණ ඇති නොකරයි නො එසේනම් මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්වයි. එබැවින් ආසාදනයක් දැනටමත් පවතින නමුත් අප එය පිළිබදව නොදැනුවත්ව සිටිනවා විය හැකිය. රෝග ලක්ෂණ නොපෙන්වුවත්, ලිංගාශ්‍රිත රෝග මගින් බරපතල, හානි ශරීරයට ඇති කරයි. තවද, මෙම රෝග තත්වයන් ලිංගික එක් වීමක් අතරතුර දී ඔබට සම්ප්‍රේෂණය විය හැකිය.


කෙසේ නමුත්, තරමක් කල් ගත වී හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) වල රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමට පටන් ගනී. ඒවා මොනවාදැයි අප දැනුවත් වෙමු.


1. ශිෂ්ණයෙන් හෝ යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ශ්‍රාවයක් පිට වීමට පටන් ගැනීම.

2. ලිංගික ප්‍රදේශයේ තුවාල ඇති වීම, ඉන්නන් ඇති වීම, එම ප්‍රදේශවල වේදනාකාරී බව මෙන්ම නිතර දෙවේලේ මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාව ඇති වීම.

3. ලිංගික ප්‍රදේශයේ කැසීම සහ රතු පැහැයක් ගැන්ම.

4. මුඛයේ සහ ඒ අවට බිබිලි හෝ තුවාල ඇති වීම

5. අසාමාන්‍ය දුගඳක් යෝනිය ආශ්‍රිතව වහනය වීම.

6. ගුද මාර්ගයේ කැසීමක් ඇති වීම සහ ඒ ආශ්‍රිතව ඇතිවන වේදනාව හෝ ලේ ගැලීම

7. උදරයේ වේදනාව

8. උණ පැවතීම


මෙවැනි රෝග ලක්ෂණ ඔබට ඇති වූ පමණින් රෝග විනිශ්චයකට එළැඹිය නොහැක.


ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) නිවැරදිව හඳුනා ගැනීම ඉතා වැදගත් ය


ඔබ ලිංගිකව ක්‍රියාශීලී නම්, ලිංගාශ්‍රිත රෝග සඳහා ඇති අවදානම සහ ඔබ පරීක්‍ෂාණ සඳහා යා යුතුද යන්න පිළිබඳව ඔබගේ පවුලේ වෛද්‍යවරයා සමඟ කතා කළ යුතුය. බොහෝ ලිංගාශ්‍රිත රෝග සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ ඇති නොකරන බැවින් මෙය විශේෂයෙන් වැදගත් වේ.

සමහර ලිංගාශි‍්‍රත රෝග ශාරීරික පරීක්ෂණයකදී හෝ යෝනි මාර්ගයේ, ශිෂ්ණයේ හෝ ගුද මාර්ගයේ හට ගන්නා තුවාලයකින් ලබා ගන්නා තරලය අන්වීක්ෂීය පරීක්‍ෂණයක් මගින් හඳුනාගත හැකිය. තවද, රුධිර පරීක්ෂණ මගින්ද ලිංගාශ්‍රිත රෝග හඳුනා ගත හැක.

Photo credits


Photo by Anna Tarazevich: https://www.pexels.com/photo/silhouette-of-a-couple-looking-at-each-other-while-sitting-on-the-beach-during-sunset-4839694/

Comments

Popular posts from this blog

What is lingam Massage & how to lingam Massage

කාන්තා ලිංගික සනීපාරක්ෂාව

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග)