කාන්තා ලිංගික සනීපාරක්ෂාව

කාන්තා ලිංගික සනීපාරක්ෂාව


අප හැම දෙනෙක් ම කුඩා කල  මූලික සනීපාරක්ෂාව පිළිබඳ පාසැලේදී මෙන්ම නිවසේදීත් නිතර ඉගෙන ගතිමු. 

    ●වැසිකිලිය භාවිතා කිරීමෙන් පසු අත් සෝදන්න

    ●කෑමට පෙර අත් සෝදන්න

    ●සෑම උදෑසනකම මුහුණ සෝදන්න

    ●දිනකට දෙවරක් දත් මදින්න

    ●නියපොතු නිසි පරිදි කපා පිරිසිදුව තබා ගන්න.

    ●දිනපතා හෝ අවැසි පරිදි නැවුම් යට ඇඳුම් ඇඳින්න.


යනාදිය අප දිවියේ දිනපතා සරළ සිදුවීම් බවට පත්ව ඇත. මෙම සාමාන්‍ය පවිත්‍රතා පිළිවෙත්වලට අමතරව, ගැහැණු ළමුන්,  විශේෂයෙන් වැඩිවිය පැමිණි මොහොතේ පටන්, කාන්තා සනීපාරක්ෂාව පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. 

අවාසනාවකට මෙන්, ගැහැණු ළමයකුට තම යෝනි මාර්ගය සහ ඒ අවට පිරිසුදු ව තබා ගැනීම ගැන සැලකීමේදී, ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න වන්නේ කුමක්ද,  නොවන්නේ කුමක්ද යන්න පිළිබඳව ඇති නොදැනුවත්කම නිසා ම ගැටළු කාරි තත්වයනට මුහුණ දීමට සිදු වේ. එබැවින්, අපි ඔබට නැවුම්ව, පිරිසිදුව සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට උපකාර කිරීම සඳහා යෝනි මාර්ගය සහ ඒ අවට සනීපාරක්ෂාව සඳහා කළ යුතු සහ නොකළ යුතු වැදගත්ම දෑ ලැයිස්තුවක් මෙලෙස පෙල ගස්වා දක්වමු!


ඔබේ යෝනි මාර්ගය නිතරම වියළිව තබා ගන්න

ඔබේ යෝනි මාර්ගය ස්වභාවිකවම තමාට නිරෝගී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා තරල නිපදවයි. කෙසේ වෙතත්, අතිරික්ත තෙතමනය එහි තැන්පත් වීම ආසාදන හා බැක්ටීරියා වර්ධනය වීමට හේතු විය හැක. එබැවින්, ඔබ අතිරේක හෝ අධික තෙතමනය ඉවත් කිරීමට පියවර ගැනීම වැදගත් වේ. මෙම පියවරයන්ට ඇතුළත් වන්නේ: 


    ●කපු Cotton යට ඇඳුම් ඇඳීමට පුරුදු වීම. සමේ තෙතමනය රඳවා තබා ගන්නා සේද වැනි රෙදි වලින් කල යට ඇඳුම් භාවිතා නොකිරීම.

    ●වැසිකිලිය භාවිතා කිරීමෙන් පසු රහස් පෙදෙස ඉදිරිපස සිට පිටුපසට, එනම් පෙකිනියේ සිට පහලට තට්ටම් පෙදෙස තෙක් හොඳින් පිස දැමීම සහ තෙත සාත්තු කිරීම.

    ●තෙත්, දහඩිය දැමූ යට ඇඳුම් හෝ පිහිනුම් ඇඳුම් මාරු කිරීම

    ●සෑම පැය 4-6 කට වරක් වත් ඔබේ සනීපාරක්ෂක තුවාය (sanitary napkin) මාරු කිරීම

    ●යෝනි මුඛය මත හෝ යෝනිය ඇතුලත කොටස් වල සබන් භාවිතා නොකිරීමට වග බලා ගැනිම 

යෝනි මාර්ගය පිරිසිදුව තබා ගැනීමට ඉතා වැදගත් වන කරුණු  කිහිපයකි. මෙයින් බැක්ටීරියා වර්ධනය හා ආසාදන වැලැක්වීමට බොහෝ බලපාන තමන්ගේ ආම්ලිකතා මට්ටම පාලනය කරයි. අධික සුවඳ සහිත සබන් භාවිතය හා යෝනි මාර්ගය ඇතුළත ජලය හෝ සබන් යොදා සේදීම ඔබේ ස්වාභාවික pH අගය ඉවත් කරයි. මේ ආකාරයෙන් ඔබේ යෝනිය ආශ්‍රිත  සෞඛ්‍ය සම්පන්න බව බිඳ වැටීම ඇත්ත වශයෙන්ම ඔබ විවිධ ආසාදනයන්ට ගොදුරු වීමේ අවදානම වැඩි කරයි. එමනිසා, සබන් යොදා නොගෙන, ඒ වෙනුවට උණුසුම් ජලයෙන් ඔබේ බාහිර ලිංගික අවයව සෝදන්න.


ලිංගිකව එක් වීමකින් පසු ඔබේ යෝනි මාර්ගය සහ ඒ අවට පිරිසිදු කරන්න.

ලිංගික සංසර්ගයේ යෙදීමෙන් ශරීර තරල, ලිහිසි  බව ඇති කරන තෙල්, කොන්ඩම්, ලිංගික ආශ්වාදය ලැබීමට භාවිත කරන සෙල්ලම් බඩු ආදිය හරහා යෝනි මාර්ගය තුළට ඒ අවට ඇති බැක්ටීරියා සහ අනෙකුත් අහිතකර දෑ විශාල ප්‍රමාණයක් ඇතුළු විය හැක. ඔබේ ශරීරයෙන් මෙම බාහිර අංශු ඉවත් කිරීමට උපකාර කිරීම සඳහා සෑම ලිංගික එක්වීමකට පසුවම මුත්‍රා කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරු නිර්දේශ කරති. ආසාදනය වැලැක්වීම සඳහා ඔබේ යෝනි මාර්ගයෙන් පිටත වතුරෙන් සේදීම, පිස දැමීම සහ හොඳින් තෙත මාත්තු කිරීම ද හොඳ පිළිවෙතකි.


ලිංගික අවයව අවට කෙස් ඉවත් නොකරන්න.

බොහෝ කාන්තාවන් යෝනි මාර්ගයේ සහ අවට වැඩෙන හිසකෙස් ඉවත් කරන්නේ, ඔවුන් හෝ සහකරු ඊට අකමැති නිසාය. යෝනි මාර්ගය බැක්ටීරියා සහ අනෙකුත් අනවශ්‍ය අංශු වලින් ආරක්ෂා කිරීමට කෙස් ක්‍රියා කරන බැවින් කාන්තා ලිංගික අවයව අවට පිහිටා ඇති කෙස් ඇත්ත විශේෂයෙන්ම යෝනි සෞඛ්‍යයට ඉතා වැදගත් වේ. රේසර්, කෙස් ඉවත් කරන ඉටි (wax) සහ අනෙකුත් හිසකෙස් ඉවත් කිරීමේ මෙවලම් සමේ තුවාල ඇති කිරීමට හේතු විය හැක, ඔබ ආසාදනයන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ද මේ නිසා ඇතිවේ. එය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට වඩා කතුරකින් කෙටි වනසේ කැපීම වඩා හොඳය.


වාර්ෂිකව ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා හමුවන්න.

නිරන්තර සුවතා පරීක්‍ෂාවන් සියලුම කාන්තාවන් සඳහා අත්‍යවශ්‍ය අංගයකි. රෝග වළක්වා ගැනීම, රෝග වලට ප්‍රථිකාර කිරිමට වඩා සැම අතින්ම වාසි දායක වේ. එය යහපත් සෞඛ්‍ය සේවාවක අත්‍යවශ්‍ය අංගයක් ද වේ. පැප් ස්මියර්, මැමෝග්‍රෑම් සහ ලිංගාශ්‍රිත රෝග සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීම, ඔබ සෞඛ්‍ය සම්පන්නව සිටින බව සහතික කිරීමට අවැසි කරුණකි. එම පරීක්ෂණ වාර්තා සමග සෑම වසරකම ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා හමුවීම ද කළ යුතුය. මෙම කටයුත්ත ඔබේ ලිංගික හෝ ප්‍රජනක සෞඛ්‍යය සම්බන්ධයෙන් ඔබට ඇති ගැටළු විසඳීමට ද හොඳ අවස්ථාවක් ද වේ. එසේ පියවර නොගැනීම හේතුවෙන් ගැටළු කාරි තත්වයන්ට මුහුණ දීමට සිදු වේ. එබැවින්, අපි ඔබට නැවුම්, පිරිසිදුව සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට උපකාර කිරීම සඳහා යෝනි මාර්ගය සහ ඒ අවට සනීපාරක්ෂාව සඳහා කළ යුතු සහ නොකළ යුතු වැදගත්ම දෑ ලැයිස්තුවක් මෙලෙස පෙල ගස්වා දක්වමු!


රෝග ලක්ෂණ පිළිබඳ සැලකිලිමත් වන්න.

ඔබට යම් අසාමාන්‍යතාවක් දැනේ නම්, ඉක්මනින්   ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා අමතන්න. යෝනි මාර්ගය සහ ඒ අවට කැසීම, රත් පැහැ ගැන්වීම, සංසර්ගය අතරතුර වේදනාව (හෝ සාමාන්‍ය යෝනි වේදනාව), අමුතු, තියුණු ගන්ධයක්, දුර්වර්ණ වූ දියරයක් අධික ලෙස ශ්‍රාවය වීම, ගැටිති හෝ කැසීමක් සහිත බිබිලි හෝ ඔබේ යෝනි මාර්ගයේ වෙනත් අසාමාන්‍යතාවන් ඕනෑම දෙයක් අත්විඳින්නේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න. මෙම රෝග ලක්ෂණ ආසාදනයක් හෝ ශරීරයේ පවතින අයහපත් සෞඛ්‍ය තත්වයක් පිළිබදව සංඥාවක් විය හැකිය, එවැන් අවස්ථාවක ඔබ කල් තබා ප්‍රතිකාර ලබා ගැනීම වඩා නුවණට හුරුය.

--------------------------------------------------------

Image credits

Orange:image by <a href="https://pixabay.com/users/ruslansikunov-11647343/?utm_source=link-attribution&utm_medium=referral&utm_campaign=image&utm_content=7111431">Ruslan Sikunov</a> from <a

Razor: Photo by cottonbro studio: https://www.pexels.com/photo/person-with-blue-nail-polish-4156343/

Lady : Photo by Angela Roma : https://www.pexels.com/photo/african-american-woman-touching-face-in-bathrobe-7480079/

Comments

Popular posts from this blog

What is lingam Massage & how to lingam Massage

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග)