කාන්තා ලිංගික සනීපාරක්ෂාව
කාන්තා ලිංගික සනීපාරක්ෂාව අප හැම දෙනෙක් ම කුඩා කල  මූලික සනීපාරක්ෂාව පිළිබඳ පාසැලේදී මෙන්ම නිවසේදීත් නිතර ඉගෙන ගතිමු.      ●වැසිකිලිය භාවිතා කිරීමෙන් පසු අත් සෝදන්න     ●කෑමට පෙර අත් සෝදන්න     ●සෑම උදෑසනකම මුහුණ සෝදන්න     ●දිනකට දෙවරක් දත් මදින්න     ●නියපොතු නිසි පරිදි කපා පිරිසිදුව තබා ගන්න.     ●දිනපතා හෝ අවැසි පරිදි නැවුම් යට ඇඳුම් ඇඳින්න. යනාදිය අප දිවියේ දිනපතා සරළ සිදුවීම් බවට පත්ව ඇත. මෙම සාමාන්‍ය පවිත්‍රතා පිළිවෙත්වලට අමතරව, ගැහැණු ළමුන්,  විශේෂයෙන් වැඩිවිය පැමිණි මොහොතේ පටන්, කාන්තා සනීපාරක්ෂාව පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.  අවාසනාවකට මෙන්, ගැහැණු ළමයකුට තම යෝනි මාර්ගය සහ ඒ අවට පිරිසුදු ව තබා ගැනීම ගැන සැලකීමේදී, ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න වන්නේ කුමක්ද,  නොවන්නේ කුමක්ද යන්න පිළිබඳව ඇති නොදැනුවත්කම නිසා ම ගැටළු කාරි තත්වයනට මුහුණ දීමට සිදු වේ. එබැවින්, අපි ඔබට නැවුම්ව, පිරිසිදුව සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට උපකාර කිරීම සඳහා යෝනි මාර්ගය සහ ඒ අවට සනීපාරක්ෂාව සඳහා කළ යුතු සහ නොකළ යුතු වැදගත...